Spread the love

නාගොඩ සුමන

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල ආරම්භ කළ වැඩවර්ජනය අද (04) තුන්වන දිනටත් ක්‍රියාත්මක බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා පැවසීය.

සිය වැඩවර්ජනය හේතුවෙන් සියලු විශ්වවිද්‍යාලවල සති අන්ත පාඨමාලා ඇණහිට තිබේ.

වැටුප 15% කින් කප්පාදු කිරීම හා මාසික හිලවු දීමනාව වැඩි නොකිරීමට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල මෙම වැඩවර්ජනය ආරම්භ කෙරිණි.
08 වැනි දාට පෙර ගැටලුවට විසඳුමක් ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කරන බව පැවසීය.

අනධ්‍යයන සේවකයින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරි සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අප කළ විමසීමේදී පැවසීය.