Spread the love

මුල්කිරිගල ගුණරත්න


මහ කන්නයේ වී මිලදී ගන්න සියලු ම මෝල් හිමියන් සහ ගබඩා කරුවන් රජයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය බව වෙලඳ වානිඡ ආහාර සුරක්ෂිතා හා සමුපාකාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

එසේ වී මිලදී ගැනීම⁣ට අපේක්ෂා කරන වී මෝල් හිමියන් හා ගබඩා කරුවන් වී අලෙවි මණ්ඩලයේ ලියාපදිංචි වීම අනිවාර්ය කර තිබේ.
ඔවුන් ලබා ගන්නා වී පිළිබඳව දත්ත පද්ධතියක් නිර්මාණය කර ඒ තුළින් වී තොග සඟවා ගැනීමට නොහැකි අයුරින් වැඩ පිළිවෙලක් සකස් කර ගැනීම මෙහි අරමුණයි.
හිඟයකින් තොරව සහල් සැපයීමේ අරමුණින් රජය වී මිලදී ගැනීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන බව වෙළඳ වානිඡ ආහාර සුරක්ෂිතා හා සමුපාකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.