Spread the love

වී මිලදී ගැනීම සඳහා අද(06) සිට තොග ගබඩා විවෘත කරන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද පවසයි.

මේ වනවිට ගොයම් කැපෙන ප්‍රදේශවන කිලිනොච්චි, මඩකලපුව, අම්පාර, කුරුණෑගල, පුත්තලම යන ප්‍රදේශවල තොග ගබඩා විවෘත කරන බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ..

වී මිලදී ගැනීම සඳහා මහ භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 05ක් වෙන්කර ඇති බවද ඔහු සඳහන් කළේය.
 
ඊයේ(05) රජය විසින් නාඩු වී කිලෝවක් රුපියල් 120 කටත් සම්බා වී කිලෝවක් රුපියල් 125 කටත් කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132 කටත් මිලදී ගන්නා බව ප්‍රකාශ කළේය.