Spread the love

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාකිස්තානයට ලබාදී ඇති මගපෙන්වීම්වලට අනුව එරට පෙට්‍රල්, විදුලිය සහ ගෑස් මිල ඉදිරියේදී තවදුරටත් ඉහළ යනු ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

පාකිස්තානය තුළ අඛණ්ඩව ඉහළ යමින් ඇති උද්ධමනය සහ පාකිස්තාන රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය ඉහළයෑම නිසා පාකිස්ථානය තුළත් ජනතාව පීඩාවට පත්වෙමින් සිටී.

එමෙන්ම පාකිස්තානයේ මූල්‍ය හා ආදායම් පිළිබඳ ජාතික සභා ස්ථාවර කමිටුව ද උද්ධමන අනුපාතය හා ඩොලරයේ අගය ඉහළයෑම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇතැයි එරට මාධ්‍ය පවසයි.

ඒ අනුව පාකිස්තානයේ මුදල් අමාත්‍යවරයා එළඹෙන සතියේදී එම කමිටුව හමුවට කැඳවා ඇතැයි ද වාර්තා වෙයි.