Spread the love

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට මැදින් පොහෝ දින ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට හැටන් සහ රත්නපුර මාර්ග ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ ඇති බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි වැඩි පිරිසක් හැටන් මාර්ගය ඔස්සේ පැමිණි බවත්, එසේ පැමිණි වැඩි වන්දනාකරුවන් පිරිසක් දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණ සිටිහ.

දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් නල්ලතන්නිය දක්වා ප්‍රවාහනය කිරිමට හැටන් ලංගම ඩිපෝවෙන් බස් රථ ගණනාවක් ධාවනය එක් කර තිබුණි.

ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කර මාස තුනක් වැනි කෙටි කාලයක් තුල රත්නපුර සහ හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණි බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක පුජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පැවසිය.