Spread the love

අවාර ශ්‍රිපාද වන්දනා සමයේ අවසන් පුන් පොහොය වන ඉල් පුන් පොහෝය දිනයේ ශ්‍රිපාදය වන්නා කිරිමට විශාල පිරිසක් නල්ලතන්නිය මාර්ගය ඔස්සේ පැමිනි බව නල්ලතන්නිය පොලිසිය පවසයි.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක වීරසේකර මහතා පවසන ලද්දේ මේ වන විට ශ්‍රිපාද අවාර සමය වුවත් මෙම පොහෝ දිනයේ දෙදහසක පමන පිරිසක් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි බවත්ය.

වෙසක් පුන් පොහෝ දිනයෙන් ශ්‍රිපාද වන්දනා සමය නිමාවට පත්ව නැවත උදුවප් පුන් පොහොයෙන් මෙවර ශ්‍රිපාද වන්දනා සමය ආරම්භවිමට නියමිත වුවද අවාර ශ්‍රිපාද වන්දනා සමයේ අවසන් පුන් පොහොය වන ඉල් පුන් පොහෝ දිනයේදි මෙසේ විශාල වන්දනාකරුවන් පිරිසක් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි බවද ඔහු පැවසිය.

ලබන මස උදුවප් පුන් පොහෝ දිනයෙන් මෙවර ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ කිරිම සදහා මේ වන විට නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ සුද්ධ පවිත්‍ර කිරිමේ කටයුතුද මේ වන විට ආරම්භව ඇති බවද වීරසේකර මහතා වැඩි දුරටත් පැවසිය.