Spread the love

බුදු දහමටට අපහාස වන අයුරින් හැසිරුණු විශ්ව බුද්ධා නමින් හිමි නමක් ලෙස පෙනී සිටි චීවරධාරියෙකු කලගෙඩිහේන ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි වියේ පසුවූ චීවරධාරියෙකි.

සැකකාර චීවරධාරියා හෙට (13) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.