Spread the love

දුම්රිය රියදුරන් කොටසක් දියත් කල වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් මගීන්ට සිදු වන අපහසුතා මග හරවා ගැනීම සදහා විශ්‍රාමික දුම්රිය රියදුරන් සේවයට කැදවා දුම්රිය ධාවනය සිදු කරන බව දුම්රිය දෙපර්තුමේන්තුව පවසයි.

දුම්රිය එන්ජින් රියදුරන් විසින් ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය හේතුවෙන් අද දිනයේ දුම්රිය ගමන්වාර 60කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුව තිබේ.

දුම්රිය රියදුරු බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පසුගිය 6 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ධාවනාගාර දෙකක් ආශ්‍රිතව ආරම්භ කළ මෙම වැඩවර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.

මේ හේතුවෙන් සතියේ ආරම්භක කාර්යාල දිනය වන හෙට දිනයේ දුම්රිය ධාවනයට වැඩි වශයෙන් බාධා එල්ල විය හැකි බව එම සංගමය පෙන්වාදෙයි.