Spread the love

හොයාගන්න බැරි තරමට මේ දූෂිතයින් දුෂණය වෙලා. මේ රටේ තියෙන දේශපාලන පක්ෂ හා පක්ෂ අරමුදල් පරීක්ෂාවට ලක් කරන්න ඕන ේ මේ රටේ සියලුම දේශපාලන පක්ෂ අනිවාර්යයෙන් ම බදු ගෙවන්න ඕන ඒ ආදායම් බදු වලට අයත් වෙන්න ඕන ඒකයි අද අවශ්‍ය මෙම අහිංසක මිනිසුන් අහිංසක කාන්තාවන් එක වාක්‍යක් කියනවද ඒ දේශපාලන වේදිකාවල. අවුරුදු 2500 ක් ගැන කතා කරන දේශපාලන වේදිකාවල කියනවද මේ කාන්තාවන් ගැන ම එක වාක්‍යයක් ඒ වේදිකාවල තියෙනවද මාතෘ භූමිය ගැන සෙනෙහසක්. මේ රටේ ජනතාව ගැන ීම් තියෙනවද ගෞරවයක්. කතා කරන සියලුම ජනතාව පිළිබඳව තියෙනවද ගෞරවයක් සෙනෙහසක්.

මව්බිම ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක හේමකුමාර නානායක්කාර

“අර මොකද්ද තියෙනවා රෝස පාට පක්ෂයක්. ජාතික ජනබලවේගය. පුනරුත්පත්තිය. ජාතික ජනබලවේගයේ විධායක සභිකයෙක් කියලා කියන්නවත් බෑ.

ජාතික ජනබලවේගය බලයට පත් වුණහම විලි ලැජ්ජයි කියන්න සමාවෙන්න අපෙ හාමුදුරුවනේ ගණිකා වෘත්තිය නීතිගත කරනවා. හොඳයි අනුර කුමාර මැතිතුමාටයි ටිල්වින්ලටයි. මේ ඔක්කෝටම එකට ඉඳගෙන පන්සිල් වෙනුවට හතරසිල්ම සමාදන් වෙන්න පුළුවන්. තුන්වෙනි සිල් පදේ නැතුව.

විධායක සභිකයෙක් කියන්නේ. ආවට ගියාට නිකං කෙනෙක් නෙමෙයි. ධම්ම පදයේ බුද්ධ වචනයේ කිසිම තැනක ගණිකා වෘත්තියට ඉඩක් නෑ. රහසිගතව සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. නීතිගත කිරීමට ඉඩක් කොහෙවත් නෑ. බයිබලයේ බලන්න. බයිබලයේ එහෙම එකක් නෑ. අල් කුරානයේ බලන්න. අල් කුරානයේ කොහෙවත් එහෙම එකක් නෑ. හින්දු භගවත් ගීතාවෙ බලන්න. භගවත් ගීතාවෙත් නෑ. එහෙනම් ජාතික ජන බලවේගය නෙවේ පජාතික ජන බලවේගයේ. බටහිරකරණය වෙච්ච ඇමරිකානු. රුපියල් 50000 සපත්තු.අදින. අපිට අද කියනවා ගණිකා වෘත්තිය නීතිගත කරන්නලු.

එම පක්ෂයේ සභාපති හිටපු ඇමති ආචාර්ය සරත් අමුණුගම

“මේක සත් කෝරළය නෙමෙයි බත් කෝරළය. අවුරුදු 4ක් තුළ අපි මේ රට ස්වයංපෝෂිත කරනවා විතරක් නෙමෙයි මේ රටේ නිෂ්පාදිත සහල් එළවළු පළතුරු සියල්ල පිටරටට අපනයනය කරන රටක් බවට අපි නිර්මාණය කරනවා කියලා මේ සත් කෝරළයේ ඉඳන් අපි ප්‍රතිඥාවක් දෙනවා. පළවෙනි දේ තමයි අලුත්ම බලය බෙදන ආණ්ඩුවක් අපි හදන බව. දැනට ඉන්න ජනතාව ගෙන් 70%ක්. පවතින රජයට කිසිම පැහැදීමක් නෑ සහයෝගයක් නෑ. පාර්ලිමේන්තුව ගැන විශ්වාසයක් නෑ පරිපාලනය ගැන විශ්වාසයක් නෑ. එහෙමනම් මේ රටේ 70%ක් දැන් කල්පනා කරනවා අපේ මීළඟ ආණ්ඩුව ගැන.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්ද ලක්ෂ 69ක් ලැබුණා. අද වෙද්දී සියලුම දෙනා කල්පනා කරනවා වෙච්ච දේ ගැන. තාම 60%ක් හිත් හදාගෙන ඉවරයි. පුවත්පත්වලින් මාධ්‍ය වලින් කියන දේවල් ගැන බලන්න. දැන් බලන්න ඒ ජනතාව දිහා. ඒ ජනතාවගෙන් 53%ක් කාන්තාවෝ. විශේෂයෙන්ම කාන්තාවන්ගේ හදවත් තුළ න් කැකෑරෙන ප්‍රශ්නයක් තියෙනවා අනේ මගේ දරුවට වඩා හොඳ අනාගතයක්ද දන්නේ කොහොමද කියන ප්‍රශ්නය තියෙනවා හදවත් වලින් හූල්ලමින් කල්පනා කරමින් ඉන්නවා තමන්ගේ දරුවන්ට යි රටක් හදන්නේ කොහොමද කියලා සෞඛ්‍ය සම්පන්න අනාගතයක් හොඳ අනාගතයක් හොඳ රැකියාවක් ගෙයක් දොරක් හදාගන්ඩ ක්‍රමයක්.

අපි හදන්න උත්සාහ කරන්නේ ඉන්න පුළුවන් රටක් ජීවත්වෙන්න පුළුවන් රටක් හොඳ ආර්ථිකයක් ඇති රටක් ඒ හින්දා තමයි අපි පාරට බැහැලා ඉන්නේ.