Spread the love

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් කිසිවෙකු සමගි ජන බලවේගයට එක්වීමට තීරණයක් ගෙන නැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා සඳහන් කළේය.

ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් වෙනත් කිසිදු පක්ෂයකට එක් වීමට හෝ පක්ෂය හැර යාමට හෝ කිසිදු අදහසක් නැති බවද ඔහු පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ජාතික නිදහස් පෙරමුණේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනකු සමගි ජන බලවේගය සමඟ එක්වන්නේ යැයි පලවූ වාර්තාවන් පිළිබඳ කල විමසීමකදීය.

මේ අතර ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා අදාළ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක්ද මතුකර තිබේ.