Spread the love

අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ පූර්ණ වශයෙන් හානි වූ නිවාස රජයේ වියදමෙන් සහ ත්‍රිවිධ හමුදා සහාය ඇතිව යළි ඉදිකරදීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

චක්‍රලේඛ මත පදනම්ව නොසිට, විපතට පත් ජනතාව සඳහා කඩිනමින් සහන සැලසීමට සහ විපතට පත් ජනතාවට ලබාදෙන ආධාර මුදල් වැඩි කිරීමට ද යෝජනා වී ඇති බවයි සඳහන් වෙන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව වැඩිදුරටත් සඳහන්.