Spread the love

ආණ්ඩුව විසින් අධිකරණයේ ගෞරවය හා පෞරෂය කෙලෙසමින් කටයුතු කරන විනිසුරුවරුන් පාර්ලිමේන්තුවට කැඳවීමට දරණ උත්සාහයට විරෝධය පළ කරමින් විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසින් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබා තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදියි.

නීතියේ ආධිපත්්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ඉතිහාසයේ නොතිබුණු අර්බුදයක් වර්තමානයේදී පැමිණ ඇති බවයි විපක්ෂය වැඩිදුරටත් පවසන්නේ.

ඊට එරෙහිව ඒකාබද්ධ වැඩපිලිවෙළක් සදහා මුහුණ දීමක් ලෙස මෙලෙස ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් කළ බවටයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියා සිටියේ.