Spread the love

ඇෆ්ගනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර ඒ දඹුල්ලේදී පැවති අවසන් විස්සයි විස්ස තරගයේ තරග විනිසුරුට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිදු හසරංග දැඩි චෝදනා එල්ල කරයි.

ඔහු පෙන්වා දෙන්නේ අදාළ විනිසුරුවරයා ජාත්‍යන්තර තරග විනිශ්චය සඳහා සුදුසු නොවන බවත් ඔහු වෙන රැකියාවක් සොයාගත යුතු බවත්ය.

එම තරගය ශ්‍රී ලංකා දෙවෙනි ඉනිමේ තීරණාත්මක අවසන් පන්දු ඔ්වරයේදී ඇෆ්ගනිස්තාන පන්දු යවන්නා විසින් යවන ලද පන්දුවක් නිපන්දුවක් ලෙස නම් නොකිරීම හේතුවෙන් මෙම චෝදනාව එල්ල විය.

වනිදු හසරංග පෙන්වා දෙන්නේ පිටියේ විනිසුරුවරයාට එම සැක සහිත තීන්දුව තමන්ට ගත නොහැකි නම් තෙවැනි විනිසුරුට හෝ යොමු කළ යුතුව තිබූ බවයි.

ඊයේ පැවති තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු තුනක තියුණු පරාජයක් ලැබුවේය.

නමුත් අදාල නිපන්දුව නම් කලේ නම් තරගය තීරණය සහමුලින්ම වෙනස් වීමේ ඉතා ඉහළ ඉඩකඩක් තිබිණි.