Spread the love

ඇෆ්ගනිස්තානය සමග පැවති තෙවන විස්සයි විස්ස තරගයේ අවසන් පන්දුවාරයේ දී විනිසුරුවරයා ලබා දුන් තීරණය අනුමත කළ නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක, ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසුරිය මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අදාල විනිසුරුවරයාගේ තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියේ දී පියවරක් ගනු ඇති බවයි..

ගාල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සනත් ජයසුරිය මහතා මෙම අදහස් පළ කළේය.