Spread the love


නිමල් රාජපක්ෂ-

.

කඩවත ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය විදේශීය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා රුපියල් ලක්ෂ විසිපහකට වැඩි වටිනාකමකින් යුත් මත්පැන් තොගයක් උපකරණ සමගින් එක් සැකකරුවකු කොළඹ සුරාබදු විශේෂ මේහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අන්තර් ජාලයේ විදේශීය මත්පැන් අලෙවි කිරීමට දමා තිබු දැන්වීමකට අනුව මීගමුව ප්‍රදෙශයේදි විදේශීය මත්පැන් බෝතල් 30 ක් මිලදි ගත් අතර එහිදී තවත් මත්පැන් අවශ්‍ය නම් ලබාදිය හැකි බවට තොරතුරු ලැබී තිබේ. එහිදී එක් පුද්ගලයකු සමගින් කඩවත නගරය ආසන්නයේ කූලි නිවසක පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරය කොටුකර ගැනීමට සමත්වු බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරික්ෂක නිරෝෂ් ජයකොඩි මහතා පවසයි.
අදාල මත්පැන් නිෂ්පාදනාගාරයේ විදේශිය මත්පැන් ලෙස ව්‍යාජ ස්ථිකර් ගසා මත්පැන් බෝතල් වලට පුරවා රුපියල් අටදාහකට දහදාකට වැනි අධික මිලගණන් වලට අලෙවි කරන බවද සැකකරුගෙන් ප්‍රශ්න කිීරිමේදී අනාවරණය වී තිබේ. අදාල මත්පැන් නිෂ්පාදනාගාරයේ සිංගප්පුරුවෙන් මෙරටට ගෙන මත්පැන් මුඩි මැෂින් බෝතල් සීල් කරන මැෂින් ස්ප්‍රීතු ඇතුළු උපකරණ රැසක් සොයා ගැනීමට සුරාබදු නිලධාරීන්හට හැකිවු බවද පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වු නිරෝෂ් ජයකොඩි මහතා,

සුරාබදු කොමාසාරිස් ජෙනරාල් එම් .ජේ ගුණසිරි ,නියෝජ්‍ය සුරාබදු කොමාසාරිස් තිස්ස කුමාර රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් මත , සුරාබදු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමාසාරිස් නීති චන්න වීරක්කොඩි මහතාගේ අධීක්ෂණය යටතේ , කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ අධිකාරී සුනිල් පී.ආරච්චී , සුරාබදු ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරික්ෂක නිරෝෂ් ජයකොඩි යන මහත්වරු පරීක්ෂක ඉන්දික ප්‍රියශාන්ත , කෝප්‍රල් අතුල පෙරේරා, සම්පත් ලියනගේ,නිශාන්ත කුමාර, නියාමක බුද්ධික කුබලාතර ,රියදුරු චින්තක ප්‍රියදර්ශන යන මහත්වරු මෙම වැටලිම සිදු කළහ.