නිමල් රාජපක්ෂ-
දකුණු අප්‍රිකාවේ සිට මෙරටට පැමිණි කාන්තාවකගේ ගමන් බෑගයේ සගවා තිබු රුපියල් කෝටි සියයක් (100) වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමගින් කාන්තාව රේගු මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ කොකේන් ග්‍රෑම් 4068 ක් තිබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ ජෙනරාල් සීවලි අරුක්ගොඩ මහතා පවසයි.
ඝානාවේ කාන්තාව දකුණු අප්‍රිකානු විදේශ ගමන් බලපත්‍රයක් ඇති අතර අද අලුයම 1.50 ට පමණ කටාර් ගුවන් සේවයට අයත් QR 658 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණි තිබේ. අදාල කාන්තාව ග්‍රීන් චනලය ඹස්සේ ගමන් කිරීමේදි ඇයගේ ගමන් විලාසය පිලිබද සැකසීතී කළ පරික්ෂාවකදි මෙම කොකේන් තොගය සොයා ගෙන තිබේ. .
41 හැවිරිදි සැකකාර කාන්තdව රේගු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරින් වැඩිදුර පරික්ෂණ පැවැත්වීම සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයෙන් සහාය ඉල්ලා ඇත .