දකුණු කොරියාවේ E8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් මුලාකර රුපියල් ලක්ෂ 13කට ආසන්න මුදලක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලද පැමිණිලි 05කට අනුව එම කාර්යාංශයේ විශේෂ විමර්ශ ඒකකයේ නිලධාරීන් විසින් බලපත්රයක් නොමැති රැකියා නියෝජිත ආයතනයක් වටලා සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී අනාවරණය වී ඇත්තේ, දකුණු කොරියාවේ E8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන බව පවසා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් සැකාරිය විසින් ලබාගෙන ඇති බවය.
ඒ අනුව, ඇය විසින් පැමිණිලිකරුවන්ගෙන් රුපියල් ලක්ෂ 13කට ආසන්න මුදලක් වංචා කර ඇති බව අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය හෙට (12) පූගොඩ මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.