Spread the love


නිමල් රාජපක්ෂ-

එංගලන්තයේ සිට අද(17)පෙරවරුවේ මෙරටට පැමිණි යුවළක් දළදා වදින්න යාම සදහා කෙටුව දුම්රිය ස්ථානයට පැමිණ දහවල් 12.40 මහනුවර බලාධාවනය වන දුම්රියට ගොඩවෙද්දි සිය ගමන් බෑගය සොරාගත් අයකු දුම්රිය ආරක්ෂක නිලධාරීන් සැකකරු ලුහුබැද ගොස් පෑලියගොඩ ප්‍රදේශයේදි අත්අඩංගුවට ඇත. .

සිද්ධිය සැකවින් මෙසේයි දළදා වදින්න මහනුවරට යාම සදහා එංගලන්ත ජාතිකයකු සිය බිරිද හා දරු දෙදෙනා සමගින් මෙරටට අද අළුයම පැමිණ තිබේ. දහවල් කොටුව දුම්රිය ස්ථානයටපැමිණ 12.40 මහනුවර බලා ධාවනය වන දුම්රියට ගොඩවී තිබේ.

පසුව සිය ගමන් බෑගය අතුරු දන් වී ඇති බැවින් වහාම කොටුව දුම්රිය ආරක්ෂක නිලධාරීන්ට තමන්ටවු අකරතැබ්බය පවසා තිබේ. තම ගමන් බෑගයට G.P.S තාක්ෂණය සවිකර තිබීම නිසා විදේශීය ජාතිකයාගේ ජංගම දුරකථනයෙන් එම බැගය පිටකොටුව බස් නැවතුමේ තිබෙන බවට පෙන්වා තිබේ.

විදේස් ජාතිකයාගේ බිරිද හා දරු තිදෙනා කොටුව මෙහෙයුම් ඒකකයේ නතර කොට වහාම ක්‍රියාත්මක වු දුම්රිය ආරක්ෂක නිලධාරී කොටුව පොලිසියේද නිලධාරීයකුද, විදේස් ජාතිකයාද සමගින් ත්‍රීරෝද රථයක නැගී ලුහුබැද තිබේ ඹවුන් පිටකොටුව බස් තැවතුමට ගොස් සෝදිසි කරද්දි ආදාල බෑගය රැගත් පුද්ගලයා බැසයක නැගි ආමර්වීදිය දෙසට බස් රථයකින් ගමන් කරන බව පෙන්වා තිබේ.

ඊට පසු ආමර්වීදියෙන් වෙනත් බසයක නැගී ගමන් කරන බවට පෙන්වීමේන් පසු එම බසය ලුහුබැද යද්දි පෑලියගොඩ ප්‍රදේශයේදී බස් රථයෙන් බැසගත් සැකකරු අතුරු පාරක මුඩුක්කු නිවාස පේලියක නිවසකට ගොඩවේද්දීම අල්ලා ගැනීමට ආරක්ෂක නිලධාරින් සමත්වී තිබේ.

එංගලන්ත ජාතිකයාගේ ගමන් බලපත්‍ර ,මුදල් හා වටිනා ලියකියවිලි රැසක් තිබෙන බැවින් එම බෑගයට G.P.S තාක්ෂණය යොදු තිබු බවද පැවසා ඇත.
පසුව සැකකරු රැගෙනවිත් කොටුව පොලීිසියට බාර දුන් බව කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරී සුසිල් ප්‍රේමලාල් මහතා පැවසුවේය
ඉන් අනතුරුව සවස කොටුව දුම්රිය ස්ථානයෙන් මහනුවර බලා ගමන් ගන්නා දුම්රියක ආදාල විදෙස් යුවළ යැවීමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් සමත්වි ඇත.

දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත , කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරි සුසිලු ප්‍රේමලාල් , කොටුව කාර්යභාර නිලධාරි ජේ. කුමාරසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණයට යටතේ සැරයන් වරුන්වන ගමගේ , ධර්මසිරි,ආනන්ද සිරි, ආරක්ෂක නිලධාරින්වන සුරාජ් .රණසිංහ, ඒකනායක , දයාතුංග හා දුම්රිය කාර්යසහායක වරුන්වන මුණසිංහ , හේරත් ,වික්‍රමපාල, සමරකොන් නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.