Spread the love

ගල්කිරියාගම කටුපත්තාගම ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 පතොරම් තුවක්කුවක් සමග පුද්ගලයකු දඹුල්ල

පොලිස් විශේෂ කාර්‍ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 53ක් වූ පුබ්බෝගම කටුපත්තාගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

සැකකරු කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගල්කිරියාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.