Spread the love

විදුලි ගාස්තු අඩුකිරීමට අදාළව මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලය සමග පැවති සාකච්ඡා ඊයේ (01) දිනයේදීත් විසඳුමකින් තොරව අවසන් වෙයි.

විදුලි බල මණ්ඩලය අදාළ දත්ත ප්‍රමාණවත් පරිදි ලබා නොදීම නිසා මේ තත්ත්වය ඇති වී තිබෙන බවයි මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ.

විදුලි ගාස්තු අඩුකිරීමට අදාළ සංශෝධිත යෝජනාව ලංවිම පෙබරවාරි 22 වැනිදා මහජන උපයෝගිතා කොමිසමට භාරදුන් අතර ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඊයේ එහි නිලධාරීන්ව කොමිසමට කැඳවා තිබුණු නමුත්, පැය දෙකකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාව අවසන් තීරණයකින් තොරව අවසන් වී තිබෙන බව සදහන්