Spread the love

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාචික අදහස් ලබා ගැනීම ලබන 15 වෙනිදා ආරම්භ කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

ඒ සම්බන්ධයෙන් සියලු ප්‍රාර්ශව වල අදහස් ලබා ගැනීමට නියමිතය.

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලිඛිතව මහජන අදහස් සහ යෝජනා ලබා ගැනීම මේ දිනවල සිදුවෙයි.

එය ලබන 12 වෙනිදා දක්වා ක්‍රියාත්මක වෙයි.

ලංකා විදුලි බල මණ්ඩලය සකස් කල විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පසුගියදා මහජන උපයෝගීතා කොමිෂන් සභාවට බාරදීම සිදුවිය.