Spread the love

පාකිස්තානයේ ආණ්ඩු විරෝධී ප්‍රබල උද්ඝෝෂණ මාලාවක් ආරම්භවී තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ විදුලිය ඇනහිටීම් සහ තිරිඟු හිඟයට එරෙහිව ජනතාව එලෙස මහමඟට පිවිස විරෝධතාවයේ නිරත වන බවය.

විරෝධතාකරුවන් පන්දම් රැගෙන රජයට එරෙහි සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරතවී සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

පාකිස්තාන රජයට එරෙහි දේශපාලනඥයින් හා සමාජ ක්‍රියාකාරීන් රැසක් ද විරෝධතා සඳහා ජනතාව සමග එක්වී සිටින බවද වාර්තා වෙයි.

ජනතාවට පැය 22ක් තරම් දිගු කාලයක් විදුලි කප්පාදුවකින් පීඩා විඳීන්නට සිදුවී ඇති බවද පැවසෙයි.

විරෝධතාකරුවන් චෝදනා කරන්නේ රජය සිය බලය භාවිත කරමින් ජනතාවට පීඩා පමුණුවන බවය.

විදුලි අර්බුදය හමුවේ පාකිස්තානය තුළ පවතින තිරිඟු පිටි හිඟය ද විරෝධතාවලට ප්‍රධාන හේතුවක් වී තිබේ.