Spread the love

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

මධ්‍යම  කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 50ක 55ක පමණ තද සුළං ඇතිවිය හැකියි. 

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින්විට පැ.කි.මී. 30ත් 40ත් අතර තරමක තද සුළං ඇති වෙයි.