Spread the love

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය භාරගන්නා ලෙස තමන්ට ඉල්ලීම් ලැබී ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල නායකයන්ගෙන්, ප්‍රධාන පෙළේ නායක හිමිවරුන්ගෙන් මෙන්ම පාක්ෂිකයන්ගෙන් ද මෙම ඉල්ලීම ලැබී ඇති බවද ඔහු පැවසීය.

එම පාක්ෂිකයන්ට අවශ්‍ය නම් තමන් එම ධුරයට පත්කර ගත හැකි බවද හෙතෙම කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෑතකදී පැවති විශේෂ හමුවක ප්‍රධාන ආරාධිත දේශකයා ලෙසද විජේදාස රාජපක්‍ෂ මහතා සහභාගී විය.