Spread the love


නිමල් රාජපක්ෂ

ප්‍රීමා පිටි ප්‍රවාහන කරන දුම්රියේ එංජිම කොළඹ සිට සීදුව බලා ධාවනය කිරීමේ දී රාගම හා ජා ඇල දුම්රිය ස්ථාන අතර දී එම එංජිමේ රෝද දෙකක් පිලී පැනීමකට ලක්ව ඇත.


පීලි පැනිම සිදුවී ඇත්තේ අද පෙරවර් 10.00 පමණය මේ හේතුවෙන් පුත්තලම් මාර්ගයේ ගමනාගමනයට බාධා මතුව ඇතැයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගමනා ගමන එන්.ජේ ඉදිපොලගේ මහතා පවසයි. .

මේ හේතුවෙන් පුත්තලම් මාර්ගයේ ඉහල මාර්ගය අවහිරව ඇති වීමෙන් කොළඹ සිට පුත්තලම දෙස ධාවනය වන දුම්රියයන් හා අනිකුත් දුම්රියයන් තනි මාර්ගයක් ඹස්සේ ධාවනය කිරීමට දුම්රිය රාගම දුම්රිය ස්ථානයේ දී සිදු විය .

මේ වන විටත් මාර්ග හා කර්මාන්ත අංශයේ නිළධාරිීන් පැමිණ දුම්රයි එම එංජිම පිලී ගත කිරීමේ කටයුතු සඳහා සේවා දුම්රියක් එම ස්ථානයට මේ වනවිට ලඟා වී ඇත.