Spread the love

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදුකෙරෙන ආගමික වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට වෙනම ඒකකයක් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ස්ථාපිත කරඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා,

“පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට වැඩබලන පොලිස්පතිවරයා විසින් නියෝග සහ උපදෙස් ලබාදුන්නා සමාජ මාධ්‍ය ජාලා හරහා සිදුකරන ආගමික වැරදි සම්බන්ධයෙන් පැමිණිලි භාරගැනීමට වෙනමම ඒකකයක් ස්ථාපිත කරන්න කියලා.”

“ඒ අනුව අපරාධ විමර්ශන කොට්ඨාසයේ වෙනමම ඒකකයක් ස්ථාපිත කරනු ලැබුවා ආගම්වලට සිදුකරන අපහාස සම්බන්ධ පැමිණිලි විමර්ශනය කිරීම වෙනුවෙන්.”

ඒ අනුව මේ සම්බන්ධ පැමිණිලි මහජනතාවට 0112 300 637 අංකය ඔස්සේ දැනුම්දීමේ හැකියාව තිබෙන අතර ෆැක්ස් අංකය – 0112 381 045, එවිය හැකි අතර ccid.religious@police.gov.lk යන ඊමේල් ලිපිනයට ද එවිය හැකි බවද පැවසුවේය