Spread the love


සංචාරක ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

තමන්ට තනතුරු අත් හැරීම මහා ලොකු දෙයක් නොවන බවත්, රට වැටී තිබූ අවස්ථාවක ඇමතිකම ලබා ගනිමින් තමන් වැඩකළ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එසේ තමන් ඉවත්වී යන්නේ වැඩ පෙන්වා බවයි සිය ඉල්ලා අස්වීම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

තමන් ක්‍රිකට් ක්‍රීඩාව තැනකට ගෙන ඇති බවද, තමන් අමාත්‍යංශ 4 ක වගකීම් නිවැරදිව ඉටුකර ඇති බවද හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.