මූලික වැටුප් වැඩිවීමක් යම් වැඩිවීමක් ඇතත් වසන් වැටුපේ විශාල වැඩිවීමක් ඇති බව කිසිවකු පවසන්නේ නම් එය අසත්‍ය බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳුම්කරු රවී කුමදේශ් මහතා සඳහන් කරයි.
මෙවර වැටුප් සංශෝධන තුළ වැටුප් විෂමතාවය සියයට අසූවකින් ඉහලගොස් ඇති බවද හෙතෙම කියා සිටියි.
එනිසා ඉතා කෙටි කාලයක් ඇතුළත මෙම වැටුප විෂමතා නිවැරදි කිරීමට කටයුතු කළ යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.
එසේ නොවන්නේ නම් ඉතාම කෙටි කාලයක් ඇතුළත නැවත අරගල ඇරඹීමට සිදුවන බවත් ඒ මහතා කියා සිටියේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.