Spread the love

මාර්තු 06 – 07 වන විට ප්‍රදර්ශනාගාරවලට නව වාහන පැමිණෙන බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසයි.

තායිලන්තයෙන් පිටත් වූ පළමු නැව කොළඹ වරායට පැමිණීමට නියමිත බවත්, එහි ඩබල් කැබ් රථ අඩංගු වන අතර, 27 වනදා ජපානයෙන් පිටත් වූ වාහන රැගෙන එන නැව හම්බන්තොට වරායට පැමිණීමට නියමිතයි.

ඒ අනුව ප්‍රදර්ශනාගාරවලට ගොස්, සාකච්ඡා කර, වගකීමක් සහිතව වාහනයක් මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට උදාවෙයි.

අලුත් වාහන පැමිණීමත් සමඟ පරණ වාහනවල මිල මේ වන විට 20% – 25% කින් පමණ අඩුවී ඇති බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.