මෙම වසර තුළ වාහන අානයන බදු සංශෝධනයක් සිදුවන්නේ නැති බව ජනාධිපති ජේෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුව මහතා සඳහන් කරයි.
වෙළඳපළේ වාහන මිල ගණන්නද මෙම වසර ඒ අනුව වෙනසක් සිදු නොවනු ඇති බවත් ඔහු පවසයි.
දෙරණ නාලිකාවේ පැවැති වැඩසටහනකට එක්වෙමින් හුළංගමුව මහතා මෙම අදහස් පළ කරන ලදී.
“අපි බලාපොරොත්තු වෙන්නේ බිලියන 300 – 350යි අතර. අපේ ආර්ථික වර්ධනය සමඟම අපි දැන් අර wait and See කියලා කියනවා නේ. බලන් ඉන්නේ පොඩ්ඩක් මේක දැන්ම ඕඩර් කරනවා ද වාහනයක් කියලා. පස්සේ ඕඩර් කරනවා ද කියලා.
යම් කෙනෙක් බලාපොරොත්තු වුණාට බදු අඩුවෙයි කියලා. එහෙම අඩුවෙන්නේ නෑ මේ අවුරුද්ද තුළ. අපේ IMF ගිවිසුම දැක්කානේ. ඒක තුළ තියෙනවා වාහන බදු මේ අවුරුද්ද ඇතුළත අඩුකරන්න බෑ.”