Spread the love

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු බිමල් රත්නායක මහතාගේ
උපදෙස් මත , මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල විසින් නගර වල සවිකර ඇති මාර්ග සංඥා පුවරු නවීකරණය සඳහා කඩිනම් ව්‍යාපෘතියක් සදහා පුර්ණ දායකත්වය ලබාදී ඇත.

අවිනයවත් රියදුරන් නිසා මෙන්ම අනවශ්‍ය කලබලය තුළින් ද පසුගිය වර්ෂවල පදික මන්තීරු තුළින් ගමන් ගන්නා ඇතැම් පදිකයින්ට සිය ජීවිතය ද අහිමි විය. මේ ආකාරයට සිදුවන මාර්ග අනතුරු අවම කිරීම මෙන්ම පදිකයින්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා ද ගනු ලැබූ ඉතා වැදගත් කාලෝචිත පියවරක් වශයෙන් මාර්ග සංඥා පුවරු සඳහා අවරෝහණ ගණනය කිරීමේ යන්ත්‍ර සවිකිරීම (Traffic Count Down system ) ආරම්භ කර ඇත.

මීට පෙර නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වූ මෙම මාර්ග සංඥා පුවරු තුළින් මාර්ග සංඥා ක්‍රියාත්මක වන විට තම රිය ධාවනය වන වේලාව නියමිත පරිදි රියදුරන්ට දිස්වන හෙයින් ඔවුන්ට නියමිත වේලාව එන තෙක් වාහනයේ එන්ජිම ක්‍රියාත්මක නොකර සිටිය හැකි අතර ඒ තුළින් මනා ඉන්ධන කාර්යයක්ෂමතාවයක් ඇතිවෙයි. එසේම අනවශ්‍ය වායු විමෝචනය ද අවම වන හෙයින් වායු දූෂණය අවම කිරීම සඳහා ද මෙම මාර්ග සංඥාා පුවරු විශාල දායකත්වයක් සපයනු ලබයි.

“ලස්සන ශ්‍රී ලංකාවක් ; පිරිසිදු හුස්මකට ඉඩක් ” යන තේමාව ඔස්සේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල හා මාර්ග සංවර්ධන අධිකාරිය හා එක්ව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා මිලියන 56 ක් වාහන වායු විමෝචන අරමුදල විසින් ලබාදීමට නියමිත අතර ඉන් මිලියන 33ක් පසුගියදා නාගරික සංවර්ධන අධිකාරිය වෙත ලබා දී ඇත. මෙම පළමු අදියර තුළ මාර්ග සංඥා පූවරු දෙසීයකට අසන්න ප්‍රමාණයක් සවිකිරීම සඳහා මෙහිදී දායකත්වය සපයනු ලබයි. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ උපදෙස් මත ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව දිවයින පුරාම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට වාහන වායු විමෝචන භාරකාර අරමුදල දැනටමත් සුදානම්ව ඇත.