Spread the love

වාහන ආනයනය සම්බන්ධයෙන් මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීම, මෙරට විදේශ සංචිත වර්ධනය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පදනම් කරගනිමින් යෝජනා කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි

මෙරට වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වන සැලසුමක් ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කර තිබේ.

මෙම වසරේ තුන්වන කාර්තුවේදී පොදු ප්‍රවාහන සේවා සඳහා වන වාහන ආනයන සීමා ලිහිල් කිරීමටත්, සිව්වන කාර්තුවේදී වාණිජ අවශ්‍යතා සඳහා වන වාහන සහ සෙසු කාණ්ඩයන්ට අයත් වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වන රජයේ යෝජනා, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යොමුකර ඇති බවයිමුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩි දුරටත් පැවසුවේ.