Spread the love

වාහන ආනයන සීමා ක්‍රමානුකූලව ලිහිල් කිරීම වැදගත් බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

පවතින වාහන ආනයන සීමා ලිහිල් කිරීමේදී ඊට අවශ්‍ය විදේශ විනිමය කළමනාකරණය කිරීමට මේ වන විට හැකියාව ඇතැයි හෙතෙම කියා සිටියි.

විශ්වාසනීය පදනමක් මත විදෙස් සංචිත තිබෙන බවද පැවසූ ඔහු වාහන ආනයන සීමා ලිහිල් කිරීම රජය විසින් ගත යුතු ප්‍රතිපත්තිමය තීරණයක් බවද කියා සිටියේය.

රජය දැනටමත් යම්කිසි ලෙසකට ක්‍රමානුකූලව වාහන ආනයනය ලිහිල් කර ඇති බවත් ඒ අනුව සංචාරක ව්‍යාපාරයට වාහන ආනයනයට ඉඩදී ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ඉන් පසු වාණිජ කටයුතුවලට අවශ්‍ය වන වාහන වශයෙන් ක්‍රමානුකූලව එම සීමා ලිහිල් කිරීම වැදගත් බවද හෙතෙම තව දුරටත් පැවසුවේය