Spread the love

වාහන ආනයනය සඳහා යළි අවසර ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි

රටේ ඇති විදෙස් සංචිත ප්‍රමාණය සැලකිල්ලට ගෙන වාහන ආනයනය සම්බන්ධයෙන් කරුණු සෙවීම සඳහා අධ්‍යනයක් සිදු කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

එම වාර්තාව පදනම් කර ගනිමින් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.