Spread the love

දිවුලපිටිය නගරය ආසන්නයේදී විකිණීමට සූදානම් වූ වාලම්පුරියක් සමඟ පුද්ගලයකු ඊයේ(11) අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලීසිය පවසයි.

විකිණීම සදහා යතුරු පැදියක ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගැනිම සිදුවිය.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 28ක්වූ වේයන්ගොඩ කුරුකොටුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

දිවුලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.