Spread the love

බර කිරීමට යොදා ගන්නා බැලන්සයකින් ව්‍යායාම කරමින් සිටි තරුණයෙකු එහි දඟරය වැදී ගෙල කැපී යාමෙන් මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලීසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ක්‍රීෂාන්තන් මෝසස් නැමති 33 හැවිරිදි පුත්තලම පදිංචි අවිවාහක තරුණයෙකි.

මෙම තරුණයා කිසියම් රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඔහුගේ පියා විසින් ඔහුව ඥාතියෙකුගේ නිවසක තබා ගමනක් යෑම සඳහා පිටත් වී ඇති අතර එම කාලය තුළ දී ඔහුට මෙම අනතුර සිදුව තිබෙනවා.

තරුණයාව පුත්තලම රෝහලට ඇතුළු කර තිබුණ ද ඒ වනවිටත් ඔහු මරණයට පත්ව තිබෙනවා.