Spread the love

කෝටිපති ව්‍යාපාරික ලලිත් කොතලාවලගේ මරණය සැක සහිත බවට ඔහුගේ බිරිඳගේ වැඩිමහල් සොහොයුරිය වූ, 84 හැවිරිදි ෂෙරින් ප්‍රනාන්දු ප්‍රකාශයක් ලබා දෙමින් පැවසුවේ යැයි බම්බලපිටිය පොලිසිය පවසනවා.

මේ හේතුවෙන් ඔහුගේ මරණය සිදු වූ ආකාරය හෙළි කරගැනීමට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්‍යාලයේදී අද (23) පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

මියගිය ලලිත් කොතලාවල කුමන සෞඛ්‍ය තත්ත්වයක පසු වූවාදැයි නොදන්නා බවත්, ඔහු කුමන ලෙඩ රෝග සඳහා කුමන ඖෂධ භාවිතා කලේ දැයි නොදන්නා බවත්, කුමන තරාතිරමක වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබාගත්තා ද කියා නොදන්නා බවත්, ඇය පැවසූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ව්‍යාපාරික ලලිත් කොතලාවල බම්බලපිටිය ප්‍රදේශයේ නිවෙසක ඔහුගේ සේවකයින් කිහිපදෙනෙකු සමඟ වෙනම ජීවත් වූ බවත්, ඔහුගේ බිරිඳ වූ සිසිලියා කොතලාවල එම ප්‍රදේශයේම වෙනම නිවෙසක පදිංචිව සිටි බවත් ඇය පොලීසියට පවසා තිබෙනවා.