Spread the love

මුන්කිරිගල ගුනරත්න

රුපියල් 23000ක් (විසිතුන් දහසක් ) වටිනා ව්‍යාජ මුදල් නෝට්ටු 18 ක් ලග තබාගත් සැකකරුවන් දෙදෙනෙකු හකුරුවෙල ප්‍රදේශයේදී ඊයේ (12) සවස වීරකැටිය පොලිසිය මගින් අත්අඩංගවට ගෙන ඇත
සැකකරුවන් ලග තිබී රුපියල් 5000 මුදල් නෝට්ටු 02 ක් රුපියල් 1000 මුදල් නෝට්ටු 10 ක් සහ රුපියල් 500 මුදල් නෝට්ටු 06 ක් සොයාගත් බව පොලිසිය පවසයි .
මෙම මුදල් නෝට්ටු ඒෆෝ කඩදාසි වල මුද්‍රණය කර තිබින.
සැකකරුවන් ඉත්තදෙමළිය, හිගුරුමුලන ප්‍රදේශයේ සහ තිස්සමහාරාම ,කාවන්තිස්ස පුර පදිංචි කරුවන් බවත් 39 සහ 24 වයසේ පසුවන අය බවත් ඔවුන්ගෙන් එක් අයෙකු කරනවෑමියෙකු බවත් පොලිසිය පවසයි .
සිද්ධිය පිළිබද වීරකැටිය පොලිසිය වැඩි දුර පරික්ෂන පවත්වයි.