Spread the love

සේවය අතහැර යාමේ නියෝග නිකුත් කර සිටි පොලිස්  කොස්තාපල්වරයෙකු ව්‍යාජ පොලිස් හැදුනුම්පතක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය පවසනවා.මෙම සැකකරු බීමතින් යතුරුපැදියක් පදවමින් සිටියදී හලාවත කොට්ඨාශ රථවාහන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (04) මාරවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.සැකකරු ඔහු පොලිස් නිලධාරියකු බවට හැදුනුම්පත ඉදිරිපත් කර ඇති අතර, හැඳුනුම්පත සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත වැඩිදුර විමර්ශනය කිරීමේදී, සැකකරු හැටන් පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටියදී සේවය හැරයාමේ නියෝග නිකුත් කර සිටි කොස්තාපල්වරයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.පොලිස් හැදුනුම්පතක් ව්‍යාජ ලෙස සකස් කිරීම සහ, බීමතින් යතුරුපැදියක් පැදවීමේ වරදට සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.