Spread the love

ලබන ව්‍යාජ අංක තහඩු සකස් කරන ස්ථානයක් සීදුව ප්‍රදේශයෙන් වටලා එක් පුද්ගලයෙක් අද පෙරවරුවේ වලාන මධ්‍යම දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩගුවට ගත් සැකකරු සියඹලාගහවත්ත, සීදූව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි අයෙකි.

සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද අංක තහඩු 03 ක්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලාංඡනය සහිත ස්ටිකර් කොලයක්, ජනරජ ලාංඡන 67ක් සහිත ස්ටිකර් කොලයක් සහ අංක තහඩු සකස් කිරීමේදී යොදාගන්නා ස්ටිකර් කොලයක් ඇතුළු දේපල පොලිස් භාරයට ගෙන ඇත.

වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.