Spread the love


නිමල් රාජපක්ෂ –

සුරාබදු දෙපාර්තුමේන්තුවේ වසර 111 ක ඉතිහාසයේ එක් දිනක් තුළ උපයාගත් වැඩිම ආදායමවු මිලියන එක්දාස් තුන්සියය දහනමයක් පසුගිය 3 වැනිදා උපයාගත් බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ .ගුණසිරි මහතා පවසයි.
මීට පෙර උපයාගෙන තිබුණේ මිලියන 1200 ක වැනි ආසන්න ප්‍රමානයක් . දෙපාර්තුමේන්තුවක් හැටියට මේක සුවිශේෂි ජයග්‍රහනයක් . ඒවාගේම 2023 වසරේ පළමු කාර්තුව තුළදී බිලියන 41 ක ආදායමක් උපයාගෙන තිබුණේ. නමුත් 2024 පළමු කාර්තුවේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 31 දක්වා වු කාලය තුළ බිලියන 51.2 ක් උපයා ගැනීමට හැකිවි තිබෙනවා. දලවශයෙන් බිලියන 10 ක වැඩි වීමක් ගිය වසරේ පළමු කාර්තුව දෙස බැලූවිට .නමුත් මෙය ප්‍රතිශතාත්මකව බැලුවොත් 24.5% ඉතා විශාල ආදායම් වර්ධනයක් අත්පත් කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.
මේ සා විශාල ආදායමක් එක් රැස් කිරීමට සහයෝගය ලබාදුන් මත්පැන් නිෂ්පාදනාගාර වල සේවකයින් , බිම් ම්ට්ටමේ ක්ෂේත්‍ර රාජකාරිවල යෙදෙන අපේ සේවකයින් ට හා ප්‍රධාන කාර්යාලයේ ඉහළ කළමනාකාරිත්වය මේ වාට අවශ්‍යඉලක්ක සම්පාදනය කරමින් සහයෝගය ලබාදුන් සියළු දෙනාට ස්තුතිය පුද කරන බවද පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වු එම්.ජේ. ගුණසිරි මහතා,