Spread the love


නිමල් රාජපක්ෂ-

වසර තුනකට පසු මෙවර පොසොන් උත්සවය අතිසාර්ථකව පැවැත්වීමට රජයක් වශයෙන් අපිට හැකිවු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අපි දන්නවා පසුගිය වසරේ පොසොන් පොහෝ දින උත්සවය පවත්වන විටමේ රටේ තිබුනු තත්ත්වය. රට පුරා පැය දෙළහක් විතර විදුලි බලය කප්පාදු කළා.ඒ වගේම දන්සැල් තිබුනේ නැහැ. මුළු රටම අඳුරේ තිබු යුගයක්. නමුත් වසරක් වැනි කෙටිකාලයක් තුළ එම තත්ත්වය වළක්වා ගන්න අපට හැකිවු බවද පැවසුවේය.

මෙවර පොසොන් පොහෝ දිනය තුළ පමණක් රට පුරා ලියාපදිංචි දන්සැල් 17,180ක් පැවැත්වුනු බවට තොරතුරු තිබෙනවා. ඒ වගේම කුඩා ප්‍රමාණයේ දන්සැල් 20,000කට වැඩිය තිබුනු බවත් වාර්තා වෙනවා. ආර්ථික අර්බුධයකින් වෙලී තිබුනු රටක මේ අන්දමින් දන්සැල් පැවැත්වීමම පුදුම සහගත යැයි ද සඳහන් කළේය.
ඊයේ (03) රන්න සම්බුද්ධාලෝක පොසොන් කලාපයේ සර්වඥ ධාතුන්වහන්සේලා ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාවට සහභාගිවෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. රන්න ආනන්දාරාමයේ තැම්පත් කර තිබෙන මහනුවරින් වැඩම කරන ලද මෙම සර්වඥධාතුන්වහන්සේලා වැඳ පුදා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටියහ.
අමරවිරු පියමග පදනම විසින් සංවිධානය කරන සම්බුද්ධාලෝක පොසොන් කලාපය අද සහ හෙට (04,05) යන දියනයන් හි පැවැත්වේන බවද පැවසුවේය.