Spread the love

ලබන ජනවාරි 01 වනදා සිට ඉන්ධන සහ ගෑස් සඳහා VAT බද්ද ක්‍රියාත්මක කිරීමේදී වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන් ඉවත්කරන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා පැවසුවාය .

ඒ අනුව ඉන්ධන සඳහා 18% ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී එම බද්දෙන් 7.5% ක වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත් වන බවයි ඇය සඳහන් කළේ.

එසේම ගෑස් සඳහාද 18% ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී එම බද්දෙන් 2.5% ක් වූ වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත්වන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.