Spread the love

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ නියෝජිතයින් ඉදිරිපත් කල වෘත්තිය ගැටලු වලට තිරසාර විසදුම් ලබා දීමට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලන මහීපාල මහතා පියවර ගැනීමත් සමගින් මහරගම අපේක්ෂා රෝහල් ක්‍රියාත්මක කල අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අත් හිටුවීමට එම සංගමය තීරණය කරණ කරයි.

ඊයේ දින රාත්‍රියේ සිටම එම සංගමයේ නියෝජිතයින් මහරගම අපේක්ෂා රෝහලේ රාජකාරි කටයුතු වලට වාර්තා කිරීමට ද පියවර ගෙන තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ දින (8) සවස සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සමග එම සංගමයේ නියෝජිතයින් පැවැත්වු සාකච්ඡාවේ ප්‍රථිපලයක් ලෙසයි.

මෙම සාකච්ඡාමය අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුනවර්දන , එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම යන මහත්වරුන් ඇතුලුව නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ .