Spread the love

කොළඹ වරායේ නැංගුරම් දමා තිබූ නෞකාවක  අද  පාන්දර ඇතිවූ ගින්න සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කර ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය අධිකාරියේ නිලධාරීන් ට දැනුම් දී තිබේ. 

කොළඹ වරායේ නැංගුරම් දමා තිබූ එම නැවේ හදිසි ගින්නක් ඇතිවී තිබූ අතර වරායේ ගිනි නිවන අංශය  එම ගින්න සාර්ථකව මැඩ පවත්තා තිබුණි.

ස්විට්සර්ලන්තයේ ජිනීවා හි නෞකා සමාගමක ට අයත් එම නෞකාව  සිංගප්පූරු වරායේ සිට කොළඹ වරායට පැමිණ තිබේ.

එහි බහාලුම් 995 ක් ගොඩබෑමටත් අනතුරුව තවත් බහාලුම් 880ක් පටවා ගැනීමටත් නියමිතව තිබූ බව වරාය අධිකාරිය පවසයි .