අයවැය විවාදයේ කතා අසන විට, ආණ්ඩුව සිදු කිරීමට අපේක්ෂා කරන ‘ක්‍රමයේ වෙනස’ සිදුවෙමින් පවතින බවට දක්නට ලැබෙන බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ඒ අනුව අයවැය සංවාදය හා එල්ල වන විවේචනවලින් ද එම ක්‍රමයේ වෙනස සිදුවෙමින් පවතින බවට පැහැදිළි වන බවයි අද (20) අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් අගමැතිවරිය සඳහන් කළේ.
අයවැය සම්බන්ධයෙන් විවේචන මතුවන්නේ පසුගිය කාලයේ සිය බලය වරප්‍රසාදයක් ලෙස භාවිතා කළ, වරප්‍රසාද තුළින් බලය විඳින ලද කණ්ඩායම්වලින් බවයි ඇය පෙන්වා දුන්නේ.
වරප්‍රසාද මත බලය පරිහරණය කළ සමාජය වෙනස් කිරීමට කටයුතු කරන බවද අගමැතිවරිය සඳහන් කළා.
වත්මන් රජය ඉදිරිපත් කළ අයවැය හරහා ව්‍යාපාරික ප්‍රජාව සතුටට පත්ව සිටින බවයි අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.