වත්මන් ආණ්ඩුව ගමන් කරන්නේ මීට පෙර ආණ්ඩු ගමන් කළ මාර්ගයෙහිම බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ අනුගමනය කළ ප්‍රායෝගික වැඩපිළිවෙළ වත්මන් ආණ්ඩුවද ක්‍රියාත්මක කරන බවයි අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
හරි මාර්ගයේ ඉදිරියට ගමන් කිරීමට ආණ්ඩුවට අවස්ථාව ලබාදිය යුතු බවත් වමට සිග්නල් දමා දකුණට හැරවීමට කටයුතු නොකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේය.