Spread the love

කිරින්ද ,දළදාගම ගම්මානයට කඩා වැදුණු වන අලියෙකු පලවා හැරීමට ගිය නිමලව අඩවි වනජීවී කාර්යාලයේ නිළධාරියෙකුට වන අලියා පහරදීමෙන් බරපතල තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළත් කර තිබේ.


සිද්ධිය වී ඇත්තේ ඊයේ (4) සවස 2.20 පමණය. වන අලියා සිදුකල පහරදීමෙන් තුවාල ලබා ඇත්තේ කේ.ඩබ්. ඉන්දික කුමාර නමැති වනජීවී නියාමක වරයෙකි.

මේ වනවිට වන අලියාගේ ප්‍රහාරයෙන් ඔහුගේ ඉල ඇට තුනක් බිදී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි .

සිද්ධිය පිළිබද කිරින්ද පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි .