Spread the love

රටේ පවතින ජිවන වියදමට සරිලන සේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිමට පියවර ගන්නා ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වතු සමාගම් වලට දැනුම් දි ඇති බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.

අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා ඒ බැව් කියා සිටියේ (08) දින කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදිය.

මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන ලෙසට පැවසිම සම්බන්ධයෙන් අපි ජනාධිපතිවරයාට සිය ස්තුතිය පුද කරනවා,

ඒ සදහා ජනාධිපතිවරයා වතු සමාගම්වලට මේ මස (31) දින දක්වා කල් ලබා දි තිබෙනවා,

රටේ ජිවන වියදම මේ වන විට ඉහල ගොස් තිබිම නිසා වතු කම්කරුවන් දැඩි ලෙස පිඩාවට පත් වෙලා තියෙන්නේ, ඒ නිසා වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700/= දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම් වලට ජනාධිපතිවරයා උපදෙස් ලබාදිලා තියෙනවා,

ලංකා කම්කරු කොන්ග්‍රසය දේශපාලන වාසි නොතකා වතු වෘත්තිය සමිතියක් හැටියට වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න සැමවිටම කටයුතු කරලා තියෙනවා,

වතු කම්කරුවන්ට දිනක වැටුප වෙනුවට මාසික වැටුපක් ලබාදිමේ ක්‍රමවේදයක් සකස් කල යුතුයි , ඒ සම්බන්ධයෙන් අපේ පක්ෂයේ සෙසු නායකයින් සමග සාකච්ඡා කරමින් පවතිනවා,

ඒ වගේම රාජ්‍ය නොවන සංවිධාන , ජාත්‍යන්තර සංවිධානවලිනුත් අපි අදහස් විමසලා තියෙනවා , වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු වෘත්තිය සමිති සහ වතු සමාගම් අතර අවබෝධතා ගිවිසුමක් පැවතුණා,

වතුකරයේ ඇතැම් වෘත්තිය සමිති අවබෝධතා ගිවිසුම තුලින් වතු කම්කරුවන්ට වැටුප් වැඩි කිරිමක් හෝ සුභ සාධන කටයුතු ඉහල දැමිමට නොහැකි බව පවසා වතු සමාගම් වලට එම අවබෝධතා ගිවිසුම අහෝසි කරන ලෙසට කල ඉල්ලිමක් මත අවබෝධතා ගිවිසුම මේ වන විට අහෝසි කරලා තියෙනවා,

අවබෝධතා ගිවිසුම නැති කිරිම ලොකු පාඩුවක් , යලිත් අපි අවබෝධතා ගිවිසුම පවත්වාගෙන යාමට සාකච්ඡා කරමින් සිටිනවා,

ලංකා කම්කරු කොන්ග්‍රසය මේ වන විට වතු කම්කරුවන්ගේ සුභ සාධන කටයුතු ඉහල දැමිමට කටයුතු කරලා තියෙනවා , ඒවගේම වතු කම්කරුවන්ගේ නිවස ප්‍රශ්නය සහ ඉඩම් ගැටළුවට මේ වන විට විසදුම් ලබාදෙමින් සිටිනවා යනුවෙන් පැවසිය.