Spread the love

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 වසර සදහා ඉදිරිපත් කර ඇති අයවැය රටේ දැනට පවතින ආර්ථිකයට ගැලපෙන ගැලපෙන අයවැයක් නිසා ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහයෝගය අයවැයට පක්ෂපාතිව ජන්දය ලබාදුන් බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.

ජිවන් තොණ්ඩමන් මහතා ඒ බැව් කියා සිටියේ (25) දින හැටන් කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදිය.

වසර 72ක් මෙරට පාලනය කල පාලකයින් රටට ගැලපෙන අයවැයක් ඉදිරිපත් නොකිරිම නිසා වර්තමානයේ ශ්‍රි ලංකාව ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදි වි ඇති බවත්,  එම ආර්ථික තත්ත්වයෙන් මිදිම සදහා මෙම අයවැයට පක්ෂපාතිව ජන්දය ලබාදුන් බවයි ජිවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ.

රට තුල ඇතැම් පිරිස් උද්ඝෝෂණ සිදු කරන බවත්, තවත් පිරිසක් වෘත්තිය සමිති ක්‍රියාමාර්ග වල නියැලෙන බවත්, එසේ උද්ඝෝෂණ සහ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග වල නියැලිම නිසා රටේ ආර්ථිකය ඉහල දැමිමට නොහැකි බවයි ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් පා.ම ජිවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ.

මෙවර අයවැයෙන් වතුකරයේ ජනතාවට කිසිදු සහනයක් නොලැබුණු බවත්, ඒ පිලිබදව තම පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සහ මහ බැංකුව සමග සාකච්ඡා කිරිමට දින නියම කරගෙන ඇති බව ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.;

තලවකැලේ , ආගරපතන , හොරණ  යන වැවිලි සමාගම් යටතේ වැඩ කරන වතු කම්කරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් කටයුතු නොකිරිම හමුවේ එම වතු සමාගම්වල වතු පාලන අධිකාරියට එරෙහිව එම වතු යායවල් වල වැඩ කරන වතු කම්කරුවන් (25) දින සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ග වල නියැලෙන බවත්, හොරණ වැවිලි සමාගම යටතේ පාලනය වන ගවරවිල වතුයායේ වතු කම්කරුවන් විසින් එම වතුයායේ අතහැර දමා තිබු ඉඩම් වල එලළුව වගාව සිදු කර ඇති බවත්, එම එලවළු වගාව වතු පාලන අධිකාරිය මගින් මේ වන විට විනාශ කර ඇති බවයි ජිවන් තොණ්ඩමන් මහතා මෙම මාධ්‍ය හමුවේදි කියා සිටියේ.

එම වතු යායේ වතු අධිකාරිවරයාට සහයෝගය දක්වා පොලිසිය කටයුතු කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සමග සාකච්ඡා කල බවත්, ඉදිරියේදි වෘත්තිය සමිති ක්‍රියාමාර්ග වලට පොලිසිය මැදිහත් නොවන බව පොලිස්පතිවරයා තමන්ට පොරොන්දු වු බවයි ජිවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ.